Saturday, January 1, 2011

2010 න් 2011 ට.....

පසුගිය අවුරුද්ද ඔයාලටත් මටත් අපි හැමෝටමත් ජීවිතයේ අමතක නොවන අවුරුද්දක්...., විටක අපි එකතුවෙලා ගොඩක් සතුටු වුණා... විටක අපිට එකතුවෙලා දුක් කරදර බෙදාගත්තා....., අපි මුණගැහිලා නම් ටික කාලයයි.... නමුත් අපිට දැනෙන්නේ අවුරුදු ගානක ඉඳලා එන බැඳීමක් අපි අතර තියෙනව කියලා...., ඉතින් මේ ලැබූ 2011 අලුත් අවුරුද්ද ඔයාලා සියලු දෙනාටම සාමයෙන් සතුටින් පිරුණ සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!

Saturday, December 18, 2010

නුඹට පිලිතුරු....!!

සැලෙයි පන් සිල,
සමඟ මඳ නල...
එහෙත් හිතවත..
නුඹේ අවමන්,
මැද සැලෙන්නට..
පහන් සිලුවක්,
නොවැනි මා නම්....

නුඹේ ඒ රුදු..,
වදන් පෙල තුල...,
දුටිමු අප සැම..,
තෙත් බවක් නැති,
මිලානව ගිය..,
නුඹේ ඒ පොඩි,
අඳුරු හදවත....

විමසුමට පෙර...
සවිය ගැන අප..,
කසරු ඇට පෙල..,
හැකිද නුඹහට..,
සිතා බැලුමට...
අදිසි රුව වී..,
අප සමඟ හිඳ..,
අපව පෙලූ නුඹ,
සතු ද කසරුව...?

විඳගනු ද බැරි විය..,
අහස් කුස සුමිහිරි අපූරුව....
සවිය නැත අප..,
කුඩා තටු තව...
සවිය දෙන්නට..,
ලඟින් සිටි අය..,
බලයි වෙනතක,
දුටුව විට අප....

ජීවිතය තුල,
සතුට නොහැඳිනූ...,
කෙලි කවට රස,
නොවිඳ දැඩි වූ...
නිසරු වූ නුඹ..,
නිවට යන්ත්‍රය,
නුඹයි ශාපය..,
අප සැමට වූ....

Wednesday, December 1, 2010

හෙලෝ වර්ල්ඩ් පැරා....

අපේ පැරා ගේ කම්පයිලර් එකට මේ ලඟදි මොකක් හරි වෙලා. උදේ ඉඳලා දේශන වල ඉන්නකොට මොලේ රත් උනත් ශාලාවේ වායුසමන යන්ත්‍ර මගින් අවට  පරිසරය සීතල තත්වයක පවතින නිසා මේ අසමතුලිතතාවය පැරාට ගොඩක් බලපාලා තියෙනවා. විශේෂයෙන්ම ජාවා දේශන වලදී. ඇයි ඉතින් කම්පයිල් කරන්නත් එපැයි. කොහොම හරි මේ කොලුවගෙ කම්පයිලර් එක සවුත්තු වෙලා. අපේ එවුන්ට තව මාසයක් විතර කල් දීලා තිබුණ සංකීර්ණ ජාවා ප්‍රෝග්‍රම් එකක් වෙනුවට පැරා  වැඩේ දුන්න දවසේම "හෙලෝ වර්ල්ඩ්" ප්‍රෝග්‍රම් එක ලියලා අප්ලෝඩ් කරලා ඇවිත්. හිතා ගන්න පුළුවන් නේ උගේ කම්පයිලර් එකට වෙලා තියෙන නස්පැත්තිය....  

හුංගා ගේ සරඹ..

මේ දවස් වල හරියට වැස්ස. ඒක නිසා හරියට සීතලයි, හරි සනීපයි. ඒක නිසා අපේ උන්ට දේශන වලදී හොඳ සනීපෙට නින්ද යනවා. ඒත් ඉතින් නිදාගෙන මාට්ටු උනොත් අවුල් නේ. කොහොම හරි නොනිදා ඉන්න අපේ අයට විවිධ ආවේනික ක්‍රම සහ විධි තියෙනවා. මේ අතරින් හුංගා ගේ ක්‍රමය විශේෂ ආකාරයේ එකක්. හුංගාට නිදිමත එනකොට ඌ අසල ඉන්න එවුනුත් සහභාගි කරගෙන සරඹ සංදර්ශන පවත්වනවා. හැබැයි අසල සිටින්නන් ට එයින් වාසි හා අවාසි කීපයක්ම වෙනවා. නොනිදා සිටීමට තම තමන්ගේ ක්‍රම භාවිත කිරීමට අනවශ්‍ය විම මෙයින් එක් වාසියක්. සරඹ සන්දර්ශනයේ උච්චතම අවස්ථා වලදි හිසකෙස් ගැලවීම, මාරාන්තික ප්‍රහාර වලට ලක්වීම වැනි දේ අවාසි හැටියට දක්වන්න පුලුවන්. මොනවා උනත් බොහෝ විට මේවාට බහුලව ගොදුරුවන්නේ වනයා සහ බිස්. ඒ උනාට මේ ක්‍රම වකන්නාට ලොවෙත් වලංගු නෑ....

Tuesday, November 30, 2010

තයිලාගේ ලව් එක...

ඔන්න අපේ තයිලට හා හාපුරා කියලා ආදරයක් පහලවෙලා....මේ ලව් එකේ අයිතිකාරයා තමයි තයිලා මේ ඊයෙ පෙරේදා ගත්ත කිරි කිරි ලැප්ටොප් පොඩ්ඩ.මේකෙ ජාතිය ඒසර් බවත් කෝ අයි 3 ප්‍රොසෙසර් එකක් හිමි බවත් දැනගන්න ලැබුණා.වටිං පිටිං ලැබෙන ආරංචි වල හැටියටනම් තයිලා ලැප බදාගත්ත ගමන්මලු ඉන්නේ. ලැප එලියට ගන්නවාලු,බලනවාලු,පිහදානවාලු, වැඩ ගොඩයිලු. වෙන කවුරුවත් ලැප අල්ලනවටවත් කැමති නෑලු. දැන් කතාව දන්න නිසා තයිලා ලැප අල්ලන්න දුන්නේ නැති උණාට කවුරුත් මිනිහා එක්ක අමනාප වෙන්න එපා.හරිද?.

ඔන්න දැන් තයිලව හම්බවෙන හැමෝම අලුත් ලව් එක ගැන තයිලට සුභ පතන්න අමතක කරන්න එපා.මොනා උණත් ඉතින් හිතහොඳ කොල්ලනේ...


ටොමා ගේ මොනිටරය.....

ඔන්න මෙච්චර කල් ලැබ් එකේ බින්න බැහැලා හිටපු අපේ ‍ටොම් දැන් ටිකක් නෙ‍මේ සිරාවටම දියුණු වෙලා. ඒ ගිය සතියේ කොම්පියුටරයක් ගත්ත නිසා. හැබැයි මොනිටරයක් ගන්න බැරි වුණ නිසා දැනට ටීවී එකට ගහලලු වැඩ කරන්නේ. මේ දවස් ටිකේම රාලට වද දෙනවා උගේ පරණ මොනිටරය ඉල්ලලා. නමුත් තාම නම් ලැබිලා නෑ. පව් ටොමා. ඒ කොහොම වුණත් අද බලද්දි Screen Savers Download කරනවා. මං හිතන්නේ ඒවා මොනිටරය ලැබෙන කං ටීවී ඒකට දාන්න වෙන්නැති.

ලියා එව්වේ එස්. වඳුරා  (*.*)

Saturday, November 27, 2010

කිරි පම්මා.....

පම්මා ට කිරි කිව්වොත් ඉතින් ආයෙත් වෙන මොනවත් බීම ජාතියක් ලොවෙත් නැති උනාට ඌට කිසි ගැටලුවක් නෑ. තුන් වේලටම කිරි බොන්න දෙනවා නම් ඌ ඕනම වැඩක් කරලා දෙයි. දවල් ට කිරි බීලා රෑ දෙගොඩ හරිය වෙනකොට පම්මා උගේ වාෂ්ප එන්ජිම ස්ටාර්ට් කරන එක වෙනම කතාවක්. රෑට වහලේ ගැලවෙන්න කිවිසුම් ඇරියත් පම්මා කවදාවත් කිරි බීම අත්අරින්නේ නෑ ලු. පම්මා ආසම සෞරග්‍රහමණ්ඩලය අසල කිරිහලේ අපේ රටේ එළදෙනුන්ගෙන් දොවාපු, බීලා ඉවර උණාම පැණිරස දැනෙන කිරි වර්ගයට තමා...