Tuesday, November 30, 2010

තයිලාගේ ලව් එක...

ඔන්න අපේ තයිලට හා හාපුරා කියලා ආදරයක් පහලවෙලා....මේ ලව් එකේ අයිතිකාරයා තමයි තයිලා මේ ඊයෙ පෙරේදා ගත්ත කිරි කිරි ලැප්ටොප් පොඩ්ඩ.මේකෙ ජාතිය ඒසර් බවත් කෝ අයි 3 ප්‍රොසෙසර් එකක් හිමි බවත් දැනගන්න ලැබුණා.වටිං පිටිං ලැබෙන ආරංචි වල හැටියටනම් තයිලා ලැප බදාගත්ත ගමන්මලු ඉන්නේ. ලැප එලියට ගන්නවාලු,බලනවාලු,පිහදානවාලු, වැඩ ගොඩයිලු. වෙන කවුරුවත් ලැප අල්ලනවටවත් කැමති නෑලු. දැන් කතාව දන්න නිසා තයිලා ලැප අල්ලන්න දුන්නේ නැති උණාට කවුරුත් මිනිහා එක්ක අමනාප වෙන්න එපා.හරිද?.

ඔන්න දැන් තයිලව හම්බවෙන හැමෝම අලුත් ලව් එක ගැන තයිලට සුභ පතන්න අමතක කරන්න එපා.මොනා උණත් ඉතින් හිතහොඳ කොල්ලනේ...


ටොමා ගේ මොනිටරය.....

ඔන්න මෙච්චර කල් ලැබ් එකේ බින්න බැහැලා හිටපු අපේ ‍ටොම් දැන් ටිකක් නෙ‍මේ සිරාවටම දියුණු වෙලා. ඒ ගිය සතියේ කොම්පියුටරයක් ගත්ත නිසා. හැබැයි මොනිටරයක් ගන්න බැරි වුණ නිසා දැනට ටීවී එකට ගහලලු වැඩ කරන්නේ. මේ දවස් ටිකේම රාලට වද දෙනවා උගේ පරණ මොනිටරය ඉල්ලලා. නමුත් තාම නම් ලැබිලා නෑ. පව් ටොමා. ඒ කොහොම වුණත් අද බලද්දි Screen Savers Download කරනවා. මං හිතන්නේ ඒවා මොනිටරය ලැබෙන කං ටීවී ඒකට දාන්න වෙන්නැති.

ලියා එව්වේ එස්. වඳුරා  (*.*)

Saturday, November 27, 2010

කිරි පම්මා.....

පම්මා ට කිරි කිව්වොත් ඉතින් ආයෙත් වෙන මොනවත් බීම ජාතියක් ලොවෙත් නැති උනාට ඌට කිසි ගැටලුවක් නෑ. තුන් වේලටම කිරි බොන්න දෙනවා නම් ඌ ඕනම වැඩක් කරලා දෙයි. දවල් ට කිරි බීලා රෑ දෙගොඩ හරිය වෙනකොට පම්මා උගේ වාෂ්ප එන්ජිම ස්ටාර්ට් කරන එක වෙනම කතාවක්. රෑට වහලේ ගැලවෙන්න කිවිසුම් ඇරියත් පම්මා කවදාවත් කිරි බීම අත්අරින්නේ නෑ ලු. පම්මා ආසම සෞරග්‍රහමණ්ඩලය අසල කිරිහලේ අපේ රටේ එළදෙනුන්ගෙන් දොවාපු, බීලා ඉවර උණාම පැණිරස දැනෙන කිරි වර්ගයට තමා...

ට්‍රාන්ස්පේරන්ට් මකා.....

ලඟක ඉඳලා අපේ මකා ට ලොකු කළකිරීමක් ඇති වෙලා. මොකද මීට කලකට පෙර කට පුරා හිනාවෙලා කතා කරපු අය දැන් ලඟින් ගියත් දැක්කේ නෑ වගේ යනවාලු. මොනදේ උණත් හැම පැත්තක් දිහාම සාධාරණ විදියට බලන මකා කෙලින්ම තීරණයකට එන්නේ නැතිව ගෙදර මූණ බලන කණ්ණාඩිය ගාවට ගිහින් තමා පාරදෘෂ්‍යභාවයට පත්වී ඇතිදැයි බැලුවාලු. ඒත් ඉතින් එහෙම එකක් හොයාගන්න නම් ලැබුණේ නෑ කියලා තමා ආරංචි. දැන් දැන් මකා ට විතරක් නෙවෙයි අපේ ගොඩක් කොල්ලන්ට ඔය වගේ දේවල් හිතෙනවා කියලා තමා ආරංචි වල හැටියට කියවෙන්නේ. මොනවා උනත් මකා ට නම් ගොඩක් දුක හිතිලා තියෙන්නේ ලපටි ට මකා ව පේන්නේ නැති එකට ලු.. පව් නේද.....? 

Friday, November 26, 2010

ඇරේ කලෙක්ෂන්....

අපේ ප්‍රදර්ශනේ ආරම්භක දින‍යේ කවුරුවත්ම එන්න කලින් කුකුළා කරේ තියාගෙන ඇරේ හැම කුටියක් ගානෙම යනවා. හරිම උනන්දුවෙන් අයියලා එක්ක කතා කර කර විවිධ දේවල් අහනවා. මොකක්ද ඇත්තටම මේ ඇරේ ගේ වෙනසට හේතුව....? අන්තිමට හොයාගත්තා... අපේ එවුන් සිප්පි කටු, ගීත, චිත්‍රපට, මුද්දර සහ වෙත් දේවල් එකතු කරන අතරේ ඇරේ ට අමුතු කලෙක්ෂන් එකක් දාන්න හිතිලා.... ඇරේ ට අපේ අයියලා අක්කලා මහන්සියෙන් හදපු සොෆ්ට්වෙයා ටික කලෙක්ෂන් එකක් දාන්න හිතිලා. හැබැයි දැන් ප්‍රදර්ශනය ඉවර වෙලා සති දෙක තුනක් උනත් ඇරේ ගේ කලෙක්ෂන් එකේ මොනවත් නැතිලු... 

Thursday, November 25, 2010

පුයිල් පාර්ක්....

අසූ නවයේ ඉපදුනාට අපේ පුයිල් තාම ...... පාර්ක් එකේ ගේට්ටු පදින බටු ඇට හිරිමල් කොලුවෙක්. ඉතින් අපේ කෙල්ලන්ට පාත්ති දාන්න ඒ වගේ කොලුවෙක් නැතිවම බෑ. අපේ තිගැස්සී තමා පුයිල් ගේ පෞද්ගලික ලේකම්. උලමි ඌ‍ගේ මාධ්‍ය ප්‍රකාශිකාව. උලමි, තිගැස්සි, කොමඩි, මැට්ටි, බේබි, වරිච්චි, සුන්දරී, ඩොටී සහ සැටලයිට් පුයිල් ගේ පාත්තියේ නිත්‍ය සාමාජික පැල. තවම හිරිමල් වයසේ උණාට අපි කොලුවාගේ දක්ෂතා අගය කරන්න ඕනා. අපි වවමු කැරට් කමු යන උදාර සංකල්පය මත දිවි හිමියෙන් කැපවී පාත්ති දමන අපේ පුයිල් ට අපේ එවුන් ගේ හෘදයාංගම සුභපැතුම්.......!!

ජයෙන් ජය වේවා....!!

ඔන්න ඉතින් academic පටන් අරගෙනත් මාස 3ක් විතර ඇති.කවුරු කවුරුත් දැන් ඉතින් assignments 2, 3ක් කරලා academic ගැන ෆුල් කික් එකේ ඉන්න මේ වෙලාවේ academic වගේම sports පැත්තටත් එක වගේ ඔට්ටු අපේ කිත්තම්,නසරානි,කේතුමතී සහ බජිරි 25 වෙනිදා පාන්දර වෙන්න badminton tournament එකකට Malaysia වට යන්න සූදානම් වෙලා ඉන්නවා.ඇත්තටම සන්තෝසයි.අපි හැමෝගෙම ආශිර්වාදයත් එක්ක මුලු කණ්ඩායමටම ජය ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔන්න කිත්තම් ට ලොකු වගකීමක්....ගිහින් එනකම් 3 දෙනාව බලාගන්නත් එපැයි.හැබැයි ඉතින් ඕකෙ අනිත් පැත්ත වෙයිද දන්නෙත් නෑ.හි හි...කොහොමින් කොහොමහරි, ඒ අය නැවත ආවාම සියලුදෙනාම තම තමන්ගේ ටොෆී චොකලට් පාර්සල් ඉල්ලගන්න අමතක කරන්න එපා.
 මේක ලියා එව්වේ ~  ආර්. වවුලා

Wednesday, November 24, 2010

නොකියාම බැරිනිසා

අපේ වරිගෙ කස්ටිය තාම ගොඩ නොගියට මොකද කස්ටිය අසුහාරදාහට ලව් මීටර පරිස්සා කොරනවය කියන්නෙ.ආදරේ පපු කෙනිත්ත අතුලෙ තද කරන් ඉන්න බරි කොට තැපැල් පෙට්ටියෙ ආපු මීටරේට ලව් නම ගහපු හැටියෙ........කිරි අප්පට පූසො කොටාපි ගහපු නමද,අරකද,මෙකද..ඔක්කොම යනව ලියුම එවපු එකාට.............අපේ පතේ,ටොරන්ට්,ගොරහැඩි,අහේනි වගෙ අය උන්ගෙ හිත් දැනටමත් ලව් මීටර බහිරවයට පූජා කොරලය කියන්නෙ...............

කූඹිච්චි සහ බොකීගේ දෑවැද්ද....

ඔන්න ඉතින් ඔයාලා දන්නවා නේ බොකී ගේ දෑවැදි මල්ල ගැන. දවසක් ඔය මල්ල අපේ කූඹිච්චිට තියාගන්න කියලා බොකී කොහෙදෝ ගිහින්. දැකලා නැද්ද අපේ කූඹිච්චිට මොකක් හරි අහුඋණොත් ඒක බදාගෙන එහාට මෙහාට පෙරල පෙරලා ඉන්නේ. ඉතින් ඔය බොකීගේ දෑවැද්දටත් උණේ ඒ දේම තමා. ඔහොම ඉන්නකොට ඔන්න එක පාරටම අර දෑවැද්ද දෙදරන්න පටන් ගත්තා. ඒ මොකක්ද කියලා බලනකොට බොකීගේ ජංගම දුරකතනයට ඇමතුමක්...., ජංගම දුරකතනය ටික වෙලාවක් දෙදරා නතර උණා. ඒ උණත් කූඹිච්චි කාගෙන්ද මේ ඇමතුම කියලා බලනකොට “සුද්දා“ කියලා ඒකේ සටහන් වෙලා තිබුණා... ඔන්න ඒ වෙලාවේ කූඹ්ච්චිට අසූහාරදාහට කේන්ති ආවා... මේ සුද්දා මටත් හොරෙන් බොකීට මිස් කෝල් දානවා නේ.. හිටපන්කෝ මට සුද්දා අහුවෙයි නේ... කිය කියා බොකීට සහ සුද්දාට බැණ බැණ කූඕච්චි බොකී හොයාගෙන ගියා....

Monday, November 22, 2010

බොකී ගේ දෑවැද්ද.....

බොකීට තියෙනවා හැමතැනම උස්සාගෙන යන මල්ලක්. ඕක මොකක්ද කියලා අහපුවාම දෙන උත්තරේ තමා ඒක මගේ දෑවැද්ද කියලා. ඒ උනාට ඔය දෑවැද්ද ඇතුලේ තියෙන දේවල් කවුරුවත් බලනවාට නම් බොකී කැමති නෑ. විශේෂයෙන් අපේ කොල්ලන්. දවසක් පිනා ඉබාගාතේ බවන ලඟින් යනකොට මෙන්න බොකීගේ දෑවැදි මල්ල මේසයක් උඩ. බොකීත් අහල පහල පේන්න නැති නිසා හෙමින් කිට්ටු කරලා බැලුවා ඒකේ මොනවද තියෙන්නේ කියලා. අපෙ අම්මෝ...! ඒකෙ තියෙන ජාති. පෑනෙන් පැන්සලෙන් පටන් ගත්තාම අර  රජ කාලේ වධකයෝ ගාව තිබුණ උල්, අඬු, පිහි තල වගේ ඒවත් තිබුණා. තව තව තේරුම් ගන්න බැරි ආකාරයේ උපකරණ රාශියක් තිබුණත් පිනා හෙමින්ම එතනින් මාරු උනා. මොනවා උනත් ඔය බොකීගේ දෑවැදි මල්ල ලැබෙන හාදයාට නම් මොනවයින් මොනවා වෙයිද දන්නෑ. පව් අර පුදයා ගැන දුකත් හිතෙනවා. 

Saturday, November 20, 2010

පඩියාගේ පෘට් ඇන්ඩ් නට්....

ඔන්න මේක උනේ ලෝකෙ ලොකුම කිරිබත උයපු දවසේ. හවස දෙකට පමණ පොත් ගුලෙන් බොහොම අමාරුවෙන් එලියට ගත්ත ටිරියත් එක්ක පඩියා, නරියා, හුංගා, බකිලා සහ පිනා දවල්ට මොකුත් සප්පායම් වෙන්න හිතාගෙන පාරාදීසයෙන් එලියට බැස්සා. මුලින්ම කලාබවනට යන්න හිතුවත් වෙලාවේ හැටියට ඒකේ ගෝවා මැල්ලුම ඇර වෙන මොකුත් නැති බව දැන ගත් පසු ලෝබවන පැත්තට යන්න හැරුණා. ඒකෙත් ඉතින් සැලකිය යුතු දෙයක් නොතිබූ නමුත් අහුවන දෙයක් බඩට හලාගත් කස්ටිය සෞරග්‍රහ මණ්ඩලේ ලග කිරිහල පැත්තට කිට්ටු කලා. කිරිහලෙන් ලීටරයක හිමකිරම පෙට්ටියක් ගත් කස්ටියට අර මහ නුගය අසල බංකුවකට බර දීලා කැණීම් කටයුතු ආරම්භ කලා. ගත්තාට මොකද හයදෙනාට ඒක අනුමත කරගන්න අමාරු බව නම් දැනුනා. මේ අතරෙ පඩියා ඉදගෙන මෙහෙම කියනවා. 
ඒ බාං...... අර පලතුරු දාපු එකත් මේ ගානද දන්නෑ නේද.. ඒක නම් මරු.. 
අනික් එවුන්ට ඒ වෙලාවේ මොනවත් කියාගන්න බැරි තත්වයක හිටි නිසා පඩියාට අමතන්න කියා හිතට ආ අදහස් හිමකිරම සේ දියවී ගියා.

Friday, November 19, 2010

හොර සාස්තර​

මුහුණුපොතේ සාස්තර බිස්නස් එක පටන් ගත්ත අපේ භයා සහෝදරය මේ දවස් වල මරණ බයෙන් ලු.. උගෙන් සාස්තර අහලා අමරුවෙ වැටිච්ච බාල​, තරුණ​, මහලු හැමෝම පස්සෙන් පන්නනවා කියලයි ආරන්චි.. රාජ කුමාරයෙක් හම්බෙනවා කියලා සාස්තරයක් අහගත්ත කෙල්ලෙක් කඩල කාරයෙක් එක්ක පැනලා ගියා කියලා ඒකිගෙ අයියා තව ඩින්ගෙන් මුගෙ මූණ කම්පයිල් කරන්න ගියාලු දවසක්.. වෙලාවට ලගින් ගිය පොලිස් අයියා කෙනෙක් දැකලා බේරගෙන​...

විසිඑක්වන සියවසේ ඉ-මගුල් කපුවා.....

කස්ටියට මතක ඇතිනේ කොන්ක්‍රීට්ලන්තයට අනෝරාවට වැස්ස දවස. එදා අපේ පාරාදීසයට මොකද වුනේ කියලා බලන්න පුළුවන් අය වැස්ස ඉවර උනාට පස්සේ ටික ටික ආවා. හත්වලාමයි.....!! එන එන අය ඔලුවේ අත ගහගන්නවා. මොකද පාරාදීසයට දෙගොඩ තලාගෙන ගලලා. ඒකත් ජයසිරි මංගලම් කියපු අපේ එවුන් ටික වතුරට බැහැලා ලොවෙත් නැති දේවල් කරන්න පටන් ගත්තා. පට්ටම් එන වතුර මට්ටම් කලා, හුංගා බොර දියේ මාළු බෑවා, ඔය වගේ දේවල්. ඔන්න ඉතින් හවස තුන විතර වෙනකොට ආපු අයගෙන් ටික දෙනයි හිටියේ. විවිධ මාතෘකා ඔස්සේ ගලාගෙන ගිය අපේ කයිවාරුව අන්තිමට ගොඩයෑම නමැති මාතෘකාවට ගොඩ වුණා. ඔන්න ඔය වෙලාවේ තමා එලිඋනේ අපේ වනයා ගොඩයෑමට බලාපොරොත්තුව සිටින නමුත් තවම කෙල්ලක් හම්බඋණේ නැති බව. ඒ වෙලාවේ ඕක අහගෙන හිටපු අපේ පතේ ඇදලා ගත්තේ නැද්ද උගේ අර පාන් පෙත්තක් වගේ පත ජංගම දුරකතනය. ඒක අරගෙන දෙතුන් සැරයක් ඒකේ මූණත් තහඩුව පහුරු ගාලා ඇදලා ගත්තා ලොවෙත් නැති ඉම්පපෝටඩ් කෙල්ලන් ගේ පින්තූර ගොඩක්. දැන් වනයාට එක එක කෙල්ලගේ පින්තූරය පෙන්නා එම කෙල්ල පිළිබද වූ දත්ත සමුදාය වනයාට ඉදිරිපත් කරනවා. ඔහොම යනකොට ඔන්න එක කෙල්ලෙක්ට වනයා කැමති උණා. ඒ කෙල්ල සෞරග්‍රහ මණ්ඩලයට එහා පැත්තේ ෆැකල්ටියේ ඉන්න බව දැනගත්තාට පසු වනයාට තවත් සතුටුයි. 
අඩෝ පතේ මට ඒ කෙල්ල සෙට් කරලා දියන් මචං..!!
හරි මචං මම උඹට ඈත ඉදලා කෙල්ල පෙන්නන්නම්, හැබැයි උඹ ගිහින් මම ගැන නම් වචනයක් වත් කියන්න එපා....!! පතේ කිව්වා.
ඒක අහපු ගමන් පතේ ගේ ඩබල් ගේම් ගැන හොදට දන්න වනයා තමාගේ ගොඩයෑමේ අදහස ගංවතුරේ පා කර හැරියා..

ටැපලිල්ල​...

අනුන් ගෙ ප්‍රොෆයිල්ස් වලට රිංගන්න කවදත් දක්ෂ හැකර් සහෝදරයට මේ ලගදි පොඩි ටැපලිල්ලක් උනානෙ.. මිනිහා කාටදෝ පාරක් කියලා දෙන්න යද්දි මේක වෙලා තියෙන්නේ.. ග්‍රහලෝකාගාරය කියන එකට මිනිහට කියවෙලා තියෙන්නෙ සෞරග්‍රහ මණ්ඩලේ කියලා.. කියලා තියෙන්නේ වාහනෙන් සෞරග්‍රහ මණ්ඩලේ ලගින් දාල යන්න කියලා..

මේක කතාවක් නෙමේ.

අපේ කට්ටිය මේකට ඇවිත් කියවලා නම් තියෙනව සෑහෙන්න,, නිකමටවත් කමෙන්ට් එකක් දැම්මොත් හොඳයි නේද.... ක්මෙන්ට් වැටෙනකොට තමා බ්ලොග් ලියන අයට තව තවත් ලියන්න හිතෙන්නේ.. අමුතුවෙන් ලියාපදිංචි වෙන්න ඕන් නෑ මේකෙ.. කතාවලට යටින් තියෙන කමෙන්ට් කියන ලින්ක් එක ක්ලික් කරලා බලන්න​....

Thursday, November 18, 2010

ප්‍රේම කුරුල්ලෝ:::::

මේ කියන්න යන්නෙ ගොඩ යන්න පෙරුම් පුරන ප්‍රේම කුරුල්ලො ගැන​.. ටිකක් විතර වැඩේ ගොඩ දාගත්ත උන් නම් දැන් රෑට රෑට මල් කඩනවලු.... එච්චර දෙයක් කරගන්න බැරි උන තවත් සමහර උන් යහපත් ප්‍රතිචාරයක් ලැබෙනකන් අදාල පුද්ගලයින්ගෙ පස්සෙන්මලු... තවත් සමහරු ගොඩ ගියා වගේ බොරුවට ඉන්නවලු... ඔය අතරෙ ඇණ වෙච්ච අයත් ඉන්නවා කියලයි ආරන්චි... කොහොමෙන් හරි අපේ උන්ට හරියනවනම් අපිටත් සතුටුයි නෙව​...
තොප්පිය හරි අය දාගත්තොත් හොඳයි.... ;)

Wednesday, November 17, 2010

පෝටර්ගෙ පෝස්ටර් ගැහිල්ල​..

මේ කියන්න යන දේ නම් දැනටමත් ගොඩක් අය දන්නවා ඇති.. ඔන්න ඉතින් අපි පෙරුම් පුරාගෙන කරපු ප්‍රදර්ශනේට කලින් ඒකෙ පෝස්ටර් ගහන්න ගියානෙ... කට්ටිය ලොවෙත් නැතිවෙන්න පෝස්ටර් වලින් තාප්ප නාවලා සිහිවටන විදිහට පෝටර්ගෙ වටිනා ජංගම දුරකතනයෙන් ඡායාරෑප ටිකකුත් අරගත්තා... ඔන්න ඉතින් එක තැනක පෝස්ටර් ගහල වෙන තැනක ගහන්න යන්න කියල පිටත් උනා... ටික වෙලාවකින් පෝටර් කියපි උගේ දුරකතනය නෑ කියලා... කට්ටිය මේ වෙද්දි හොදටම හෙම්බත් වෙලා හිටපු නිසා පොලීසියෙ පැමිණිල්ලක් දාන වැඩේ පසුවට කල් දාල පෝටර්ගෙ ගෙදරට යන්න කියල පිටත් උනා.. ඔන්න ඉතින් පෝටර්ගෙ ගෙදර ගිහින් කෝකටත් කියල මුලු තුන් සක් රිය පුරාම හොයල බැලුවා... ඒත් හම්බුන් නෑ.. අන්තිමේදි නිකමට වගේ පාප්ප බාල්දියට අත දාල බැලුවා... හොල්මන් ද පොල්කොල කිව්වලු,,,,,,, ෆෝන් එක පාප්ප බාල්දිය ඇතුලෙ... මේ යකා නිදිමරගාතෙ බුරුසුව කියලා ෆෝන් එක පාප්ප බාල්දියට දාල​..

දවස් ගානක් පිට කොටුවෙ කඩවල් ගානෙ ගියත් තාම ෆෝන් එක හදාගන්න බැරිඋනයි කියලයි ආරන්චි...


පිනාට එරෙහිව සිප්පි සහ සාපිනා ගේ කුමන්ත්‍රණය....

ඔන්න දවසක් පිනා කොහේදෝ ඉදලා බවන පැත්තට පාත් වෙනකොට  අපේ කස්ටියක් මේසයක් වටේ පච හල හල හිටියා. පිනත් ඉතින් පචයකට පන්දමක් අල්ලන්න හිතාගෙන ලගට ගිහින් ඉදගන්න තැනක් බැලුවා. ඒ වෙනකොටත් එතන හිස් පුටුවක් ඉතිරි වෙලා තිබුණේ නෑ. ඉතිං හැම වෙලාවෙම බැච් ෆිට් එක බේරෙන සිප්පි සහ සාපිනා තමන්ගේ පුටු දෙක මැදින් ඉඩක් පිනාට ලබාදීමට වගේ ගියා. පිනත් ඉතින් ඕන එකක් සත දහයයි කියලා එතන ඉදගන්න හදනකොටම අර දෙන්නා පුටු දෙක දෙපැත්තට ඇදපි...., අන්තිමට දඩිං.., බිඩිං.., දඩාං.. කියලා අර අහිංසකයා මහපොලව කම්පා කරගෙන පුටු දෙක අතරින් වැටුනා.... බලමුකෝ ඒකෙත් හැටි...

බොකීගෙයි පප්පුගෙයි ටේබල් ටෙනිස් ගැහිල්ල​..

ටිරියා ජිම් 1 ගැන කිව්වම මතක් උනේ.. මේකත් ජිම් එකේදිම වෙච්ච දෙයක්... ඔන්න ලගදි දවසක කට්ටිය ජිම් එකේ සෙල්ලම් කරන්න ගිහින්... ටික දෙනෙක් බැට්මින්ටන් , කැරම් ගහන අතරෙ බොකීයි, පප්පුයි ටේබල් ටෙනිස් ගහන්න පටන් අරන්.... ටික වෙලාවකින් "ඩෝං" ගාල හෙන සද්දයක් ඇවිත් ජිම් එකේ හිටපු හැමෝම ෆුල් හොල්මන්... බැලින්නම් බොකී ගහපු පාරට ටේබල් ටෙනිස් මේසෙ දෙකට ගැලවිලා බිම​... කොහොමෙන් කොහොමෙන් හරි ජිම් එකෙ අයියාගෙත් උදව්වෙන් මේසෙ නම් හදාගත්තා..

හුංගා සමඟ කැරම්...

මේ‍ ද‍ව‍ස්‍ ව‍ල‍ අ‍පේ‍ ක‍ට්‍ටි‍ය‍ට‍ මා‍ර‍ ආ‍තල්‍...නි‍සි‍ බ‍ල‍ධ‍ර‍ය‍න්‍ වි‍සි‍න්‍ අ‍ධි‍කා‍රි‍ බ‍ල‍ය‍ දී‍ලා‍ හි‍න්‍දා‍ හෑ‍මෝ‍ම‍ ජිම් එ‍කේ‍ රෝ‍න්දෙ‍ ග‍හ‍න්‍ණ‍ ය‍න‍වා‍ කියලා ආරංචියි....මේ සිද්ධියත් ඒකට සම්බන්ධයි...
පහුගිය දවසක කැලේයි, ටිරියයි, වනයයි, හුංගා එක්ක ගියා කැරම් ගහන්න.කිරි අප්පට බල්ලෝ රැලක්ම පැනපි. හුංගා ගහන ෂොට් ලොවෙත් නෑ. මිනිහා කැරම් ගහන්නේ අ.පො.ස. උසස් පෙල විෂය නිර්දේශයම යොදාගෙන(භෞතික විද්‍යාව එහෙම..)ස‍යි‍න්‍, කො‍ස්‍ , කෑ‍ලි‍ ප‍නි‍න‍වා‍ ස‍ට‍ ස‍ට‍ ගා‍ලා‍.

කියලා දෙන්න කවුරුත් ලං වෙන්නෙත් නෑ හුංගාට මල පනිනවා, හැබැයි මිනිහට කැරම් අත ආවම කවුරුත් හ්ම් සද්දයක් නෑ..ඇයි මිනිහා කැරම් අත පැත්තකින් තියලා දේශනාව පටන් ගන්නවා.....

පම්මා සහ හුංගා සමාජවිද්‍යාව ප්‍රගුණ කල වගයි....

පසුගිය දවසක පම්මයි හුංගයි බවනට එකතු වෙලා සමාජවිද්‍යාව පිලිබද පර්යේෂණාත්මක ලිපියක් ලිව්වා. උන් දෙන්නා කරන්නේ මොනවද කියලා බලන්න යන එවුන් ටික වෙලාවකින් එන්නේ මූණ ඇඹුල් කරගෙන. ඉතින් අපේ අයට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කොහොඹ ගහට කරවිල වැල ගියපුවාම මොකද වෙන්නේ කියලා.....