Saturday, November 27, 2010

ට්‍රාන්ස්පේරන්ට් මකා.....

ලඟක ඉඳලා අපේ මකා ට ලොකු කළකිරීමක් ඇති වෙලා. මොකද මීට කලකට පෙර කට පුරා හිනාවෙලා කතා කරපු අය දැන් ලඟින් ගියත් දැක්කේ නෑ වගේ යනවාලු. මොනදේ උණත් හැම පැත්තක් දිහාම සාධාරණ විදියට බලන මකා කෙලින්ම තීරණයකට එන්නේ නැතිව ගෙදර මූණ බලන කණ්ණාඩිය ගාවට ගිහින් තමා පාරදෘෂ්‍යභාවයට පත්වී ඇතිදැයි බැලුවාලු. ඒත් ඉතින් එහෙම එකක් හොයාගන්න නම් ලැබුණේ නෑ කියලා තමා ආරංචි. දැන් දැන් මකා ට විතරක් නෙවෙයි අපේ ගොඩක් කොල්ලන්ට ඔය වගේ දේවල් හිතෙනවා කියලා තමා ආරංචි වල හැටියට කියවෙන්නේ. මොනවා උනත් මකා ට නම් ගොඩක් දුක හිතිලා තියෙන්නේ ලපටි ට මකා ව පේන්නේ නැති එකට ලු.. පව් නේද.....?