Friday, November 19, 2010

විසිඑක්වන සියවසේ ඉ-මගුල් කපුවා.....

කස්ටියට මතක ඇතිනේ කොන්ක්‍රීට්ලන්තයට අනෝරාවට වැස්ස දවස. එදා අපේ පාරාදීසයට මොකද වුනේ කියලා බලන්න පුළුවන් අය වැස්ස ඉවර උනාට පස්සේ ටික ටික ආවා. හත්වලාමයි.....!! එන එන අය ඔලුවේ අත ගහගන්නවා. මොකද පාරාදීසයට දෙගොඩ තලාගෙන ගලලා. ඒකත් ජයසිරි මංගලම් කියපු අපේ එවුන් ටික වතුරට බැහැලා ලොවෙත් නැති දේවල් කරන්න පටන් ගත්තා. පට්ටම් එන වතුර මට්ටම් කලා, හුංගා බොර දියේ මාළු බෑවා, ඔය වගේ දේවල්. ඔන්න ඉතින් හවස තුන විතර වෙනකොට ආපු අයගෙන් ටික දෙනයි හිටියේ. විවිධ මාතෘකා ඔස්සේ ගලාගෙන ගිය අපේ කයිවාරුව අන්තිමට ගොඩයෑම නමැති මාතෘකාවට ගොඩ වුණා. ඔන්න ඔය වෙලාවේ තමා එලිඋනේ අපේ වනයා ගොඩයෑමට බලාපොරොත්තුව සිටින නමුත් තවම කෙල්ලක් හම්බඋණේ නැති බව. ඒ වෙලාවේ ඕක අහගෙන හිටපු අපේ පතේ ඇදලා ගත්තේ නැද්ද උගේ අර පාන් පෙත්තක් වගේ පත ජංගම දුරකතනය. ඒක අරගෙන දෙතුන් සැරයක් ඒකේ මූණත් තහඩුව පහුරු ගාලා ඇදලා ගත්තා ලොවෙත් නැති ඉම්පපෝටඩ් කෙල්ලන් ගේ පින්තූර ගොඩක්. දැන් වනයාට එක එක කෙල්ලගේ පින්තූරය පෙන්නා එම කෙල්ල පිළිබද වූ දත්ත සමුදාය වනයාට ඉදිරිපත් කරනවා. ඔහොම යනකොට ඔන්න එක කෙල්ලෙක්ට වනයා කැමති උණා. ඒ කෙල්ල සෞරග්‍රහ මණ්ඩලයට එහා පැත්තේ ෆැකල්ටියේ ඉන්න බව දැනගත්තාට පසු වනයාට තවත් සතුටුයි. 
අඩෝ පතේ මට ඒ කෙල්ල සෙට් කරලා දියන් මචං..!!
හරි මචං මම උඹට ඈත ඉදලා කෙල්ල පෙන්නන්නම්, හැබැයි උඹ ගිහින් මම ගැන නම් වචනයක් වත් කියන්න එපා....!! පතේ කිව්වා.
ඒක අහපු ගමන් පතේ ගේ ඩබල් ගේම් ගැන හොදට දන්න වනයා තමාගේ ගොඩයෑමේ අදහස ගංවතුරේ පා කර හැරියා..