Wednesday, November 17, 2010

පිනාට එරෙහිව සිප්පි සහ සාපිනා ගේ කුමන්ත්‍රණය....

ඔන්න දවසක් පිනා කොහේදෝ ඉදලා බවන පැත්තට පාත් වෙනකොට  අපේ කස්ටියක් මේසයක් වටේ පච හල හල හිටියා. පිනත් ඉතින් පචයකට පන්දමක් අල්ලන්න හිතාගෙන ලගට ගිහින් ඉදගන්න තැනක් බැලුවා. ඒ වෙනකොටත් එතන හිස් පුටුවක් ඉතිරි වෙලා තිබුණේ නෑ. ඉතිං හැම වෙලාවෙම බැච් ෆිට් එක බේරෙන සිප්පි සහ සාපිනා තමන්ගේ පුටු දෙක මැදින් ඉඩක් පිනාට ලබාදීමට වගේ ගියා. පිනත් ඉතින් ඕන එකක් සත දහයයි කියලා එතන ඉදගන්න හදනකොටම අර දෙන්නා පුටු දෙක දෙපැත්තට ඇදපි...., අන්තිමට දඩිං.., බිඩිං.., දඩාං.. කියලා අර අහිංසකයා මහපොලව කම්පා කරගෙන පුටු දෙක අතරින් වැටුනා.... බලමුකෝ ඒකෙත් හැටි...