Monday, November 22, 2010

බොකී ගේ දෑවැද්ද.....

බොකීට තියෙනවා හැමතැනම උස්සාගෙන යන මල්ලක්. ඕක මොකක්ද කියලා අහපුවාම දෙන උත්තරේ තමා ඒක මගේ දෑවැද්ද කියලා. ඒ උනාට ඔය දෑවැද්ද ඇතුලේ තියෙන දේවල් කවුරුවත් බලනවාට නම් බොකී කැමති නෑ. විශේෂයෙන් අපේ කොල්ලන්. දවසක් පිනා ඉබාගාතේ බවන ලඟින් යනකොට මෙන්න බොකීගේ දෑවැදි මල්ල මේසයක් උඩ. බොකීත් අහල පහල පේන්න නැති නිසා හෙමින් කිට්ටු කරලා බැලුවා ඒකේ මොනවද තියෙන්නේ කියලා. අපෙ අම්මෝ...! ඒකෙ තියෙන ජාති. පෑනෙන් පැන්සලෙන් පටන් ගත්තාම අර  රජ කාලේ වධකයෝ ගාව තිබුණ උල්, අඬු, පිහි තල වගේ ඒවත් තිබුණා. තව තව තේරුම් ගන්න බැරි ආකාරයේ උපකරණ රාශියක් තිබුණත් පිනා හෙමින්ම එතනින් මාරු උනා. මොනවා උනත් ඔය බොකීගේ දෑවැදි මල්ල ලැබෙන හාදයාට නම් මොනවයින් මොනවා වෙයිද දන්නෑ. පව් අර පුදයා ගැන දුකත් හිතෙනවා.