Friday, November 26, 2010

ඇරේ කලෙක්ෂන්....

අපේ ප්‍රදර්ශනේ ආරම්භක දින‍යේ කවුරුවත්ම එන්න කලින් කුකුළා කරේ තියාගෙන ඇරේ හැම කුටියක් ගානෙම යනවා. හරිම උනන්දුවෙන් අයියලා එක්ක කතා කර කර විවිධ දේවල් අහනවා. මොකක්ද ඇත්තටම මේ ඇරේ ගේ වෙනසට හේතුව....? අන්තිමට හොයාගත්තා... අපේ එවුන් සිප්පි කටු, ගීත, චිත්‍රපට, මුද්දර සහ වෙත් දේවල් එකතු කරන අතරේ ඇරේ ට අමුතු කලෙක්ෂන් එකක් දාන්න හිතිලා.... ඇරේ ට අපේ අයියලා අක්කලා මහන්සියෙන් හදපු සොෆ්ට්වෙයා ටික කලෙක්ෂන් එකක් දාන්න හිතිලා. හැබැයි දැන් ප්‍රදර්ශනය ඉවර වෙලා සති දෙක තුනක් උනත් ඇරේ ගේ කලෙක්ෂන් එකේ මොනවත් නැතිලු...