ඔන්න මේක උනේ ලෝකෙ ලොකුම කිරිබත උයපු දවසේ. හවස දෙකට පමණ පොත් ගුලෙන් බොහොම අමාරුවෙන් එලියට ගත්ත ටිරියත් එක්ක පඩියා, නරියා, හුංගා, බකිලා සහ පිනා දවල්ට මොකුත් සප්පායම් වෙන්න හිතාගෙන පාරාදීසයෙන් එලියට බැස්සා. මුලින්ම කලාබවනට යන්න හිතුවත් වෙලාවේ හැටියට ඒකේ ගෝවා මැල්ලුම ඇර වෙන මොකුත් නැති බව දැන ගත් පසු ලෝබවන පැත්තට යන්න හැරුණා. ඒකෙත් ඉතින් සැලකිය යුතු දෙයක් නොතිබූ නමුත් අහුවන දෙයක් බඩට හලාගත් කස්ටිය සෞරග්‍රහ මණ්ඩලේ ලග කිරිහල පැත්තට කිට්ටු කලා. කිරිහලෙන් ලීටරයක හිමකිරම පෙට්ටියක් ගත් කස්ටියට අර මහ නුගය අසල බංකුවකට බර දීලා කැණීම් කටයුතු ආරම්භ කලා. ගත්තාට මොකද හයදෙනාට ඒක අනුමත කරගන්න අමාරු බව නම් දැනුනා. මේ අතරෙ පඩියා ඉදගෙන මෙහෙම කියනවා.
ඒ බාං...... අර පලතුරු දාපු එකත් මේ ගානද දන්නෑ නේද.. ඒක නම් මරු..
අනික් එවුන්ට ඒ වෙලාවේ මොනවත් කියාගන්න බැරි තත්වයක හිටි නිසා පඩියාට අමතන්න කියා හිතට ආ අදහස් හිමකිරම සේ දියවී ගියා.