මේ කියන්න යන දේ නම් දැනටමත් ගොඩක් අය දන්නවා ඇති..  ඔන්න ඉතින් අපි පෙරුම් පුරාගෙන කරපු ප්‍රදර්ශනේට කලින් ඒකෙ පෝස්ටර් ගහන්න ගියානෙ...  කට්ටිය ලොවෙත් නැතිවෙන්න පෝස්ටර් වලින් තාප්ප නාවලා සිහිවටන විදිහට පෝටර්ගෙ වටිනා ජංගම දුරකතනයෙන් ඡායාරෑප ටිකකුත් අරගත්තා... ඔන්න ඉතින් එක තැනක පෝස්ටර් ගහල වෙන තැනක ගහන්න යන්න කියල පිටත් උනා... ටික වෙලාවකින් පෝටර් කියපි උගේ දුරකතනය නෑ කියලා... කට්ටිය මේ වෙද්දි හොදටම හෙම්බත් වෙලා හිටපු නිසා පොලීසියෙ පැමිණිල්ලක් දාන වැඩේ පසුවට කල් දාල පෝටර්ගෙ ගෙදරට යන්න කියල පිටත් උනා.. ඔන්න ඉතින් පෝටර්ගෙ ගෙදර ගිහින් කෝකටත් කියල මුලු තුන් සක් රිය පුරාම හොයල බැලුවා... ඒත් හම්බුන් නෑ.. අන්තිමේදි නිකමට වගේ පාප්ප බාල්දියට අත දාල බැලුවා... හොල්මන් ද පොල්කොල කිව්වලු,,,,,,, ෆෝන් එක පාප්ප බාල්දිය ඇතුලෙ... මේ යකා නිදිමරගාතෙ බුරුසුව කියලා ෆෝන් එක පාප්ප බාල්දියට දාල..
දවස් ගානක් පිට කොටුවෙ කඩවල් ගානෙ ගියත් තාම ෆෝන් එක හදාගන්න බැරිඋනයි කියලයි ආරන්චි...
