Wednesday, November 24, 2010

කූඹිච්චි සහ බොකීගේ දෑවැද්ද....

ඔන්න ඉතින් ඔයාලා දන්නවා නේ බොකී ගේ දෑවැදි මල්ල ගැන. දවසක් ඔය මල්ල අපේ කූඹිච්චිට තියාගන්න කියලා බොකී කොහෙදෝ ගිහින්. දැකලා නැද්ද අපේ කූඹිච්චිට මොකක් හරි අහුඋණොත් ඒක බදාගෙන එහාට මෙහාට පෙරල පෙරලා ඉන්නේ. ඉතින් ඔය බොකීගේ දෑවැද්දටත් උණේ ඒ දේම තමා. ඔහොම ඉන්නකොට ඔන්න එක පාරටම අර දෑවැද්ද දෙදරන්න පටන් ගත්තා. ඒ මොකක්ද කියලා බලනකොට බොකීගේ ජංගම දුරකතනයට ඇමතුමක්...., ජංගම දුරකතනය ටික වෙලාවක් දෙදරා නතර උණා. ඒ උණත් කූඹිච්චි කාගෙන්ද මේ ඇමතුම කියලා බලනකොට “සුද්දා“ කියලා ඒකේ සටහන් වෙලා තිබුණා... ඔන්න ඒ වෙලාවේ කූඹ්ච්චිට අසූහාරදාහට කේන්ති ආවා... මේ සුද්දා මටත් හොරෙන් බොකීට මිස් කෝල් දානවා නේ.. හිටපන්කෝ මට සුද්දා අහුවෙයි නේ... කිය කියා බොකීට සහ සුද්දාට බැණ බැණ කූඕච්චි බොකී හොයාගෙන ගියා....